ඔබට දායකත්වය ලබාදීම හැක්කේ කෙසේද ? .

...

දානය පූජා කිරීම

දානය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පූජා කිරීම

දානය සඳහා මුදල් පූජා කිරීම

සියක් නමක් වැඩ සිටීමට ඉදි කරගෙන යන භික්ෂු නේවාසිකාගාරය ඉදිකිරීමේ කටයුතු සඳහා දායකත්වය ලබාදීම.

දාන ශාලාව ඉදිකිරිම සඳහා දායකත්වය ලබාදීම.

පිරිවෙණට ගිලන් රථයක් සහ බස් රථයක් අවශ්‍ය කර තිබෙනවා

පිරිවෙනේ පවතින දෛනික අවශ්‍යතා සොයා බලා සපුරා දීමට ද ඔබට හැකියාව ඇත. (ඒ පිළිබඳව නාහිමියන් සමඟ සාකච්ඡා කරන්න)

...

ඔබේම දරුවෙකු ශාසනයට දායාද කර පැවිදි කිරීමට නොහැකි වුවත් පැවිදි වී සිටින පොඩි හාමුසුරුවන් වහන්සේ නමකගේ මවක්, පියෙක් වීමේ උතුම් දුර්ලභ අවස්ථාව මේ තුළින් උදා කරගත හැකිය. .

  • ඒ අනුව මසකට රුපියල් 5000 මුදලක් අදාළ පොඩි හාමුදුරුවන්ගේ බැංකු ගිණුමට තැන්පත් කිරීම
  • වර්ෂයේ මුල සිවුරු කට්ටලයක් , පාවහන්, පොත්, පෑන්, පැන්සල් ආදිය පූජා කිරීම,
  • සාමණේර ස්වාමීන් වහන්සේ නමක් හෝ කිහිප නමකගේ කැපකරු දායකයෙකු වී තමන්ගේ දරුවකු මෙන් ෂලකා අවශතා සොයා බැලීම, අධ්‍යාපන කටයුතු නිරීක්ෂණය කිරීම.
  • අසනීප අවසිථාවක දී පිහිට වීම

විනයගරුක ශික්ෂාකාමී උගත් බුද්ධිමත් බුද්ධ පුත්‍රයෙකු රටට ලෝකයට දායාද කිරීමට ඔබගේ පූර්ණ සහයෝගය ලබා දෙන්න.

රටේ ජනතාවට තිබෙන ආර්ථික තත්වය හමුවෙ මෙපමණ මහා සංඝරත්නව ප්‍රමාණයකට දානය පූජා කිරීම අපහසු කාරනාවක් මේ කාලයේ දානවල අඩුපාඩු පවතිනවා. ඕනෑම කෙනෙකුට දානවේලක් භාරගන්න පුලුවන්. එම දානය පිළියෙළ කර හෝ වියලි සලාක වශයෙන් හෝ මුදල් වශයෙන් භාරගන්න පුලුවන් සිවුරු හෝ සිවුරු රෙදි, බෙට්සීට්, තුවා, සබන්, දත්බෙහෙත්, බිස්කට්, සීනි, තේ කොළ, කිරිපිටි, අභ්‍යාස පොත්, පිරිවෙන් පොත්, පෑන්, පැන්සල්, වයිට් බෝඩ්, ප්‍රථමාධාර බෙහෙත් දෛනිකව අවශ්‍ය කරනවා.