අප ගැන දැනගන්න

පරිවෙනාධ්‍යක්‍ෂ විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය ජූලම්පිටියේ පඤ්ඥාලෝක නාහිමි ගෙන් අසා දැනගමු

සියක් නමක්, එක අරමක් යනුවෙන් හඳුන්වන්නේ මොකක්ද?

මගේ බලාපොරොත්තුව මේ රටට ලෝකයට ගැලපෙන පරිදි උගත් බුද්ධිමත් බහුශ්‍රැත විනයධර ධර්මධර භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් දායාද කිරීමයි එම බලාපොරොත්තුව ඇතිව මීට වසර පහකට පමණ පෙර සිළුමිණ පිරිවෙන ආරම්භ කරන්නට යෙදුණා. මූලික අදියරේදි සියක් (100) නමක් දක්වා පැවිදි කර පිරිවෙන් අධ්‍යාපනය ලබාදීමට බලාපොරොත්තු වෙනවා අද දිනය වන විට 85 නමක් මා ලඟ පැවිදි භාවය ලබා වැඩ සිටිනවා. ඒ සියලම භික්ෂුන් වහන්සේලා මාගේ ශිෂ්‍යයන් වීමයි විශේෂත්වය. මේ වැඩ සටහන තමයි සියක් නමක් එක අරමක් කියල කියන්නේ.

අපේ නායක හාමුරුවන් සමීපයේ පැවැදි භාවය ලබන්න මෙපමණ කුල දරුවන් ප්‍රමාණයක් ලැබෙන්නේ කොහොමද?

රටේ විවිධ ප්‍රදේශවල ජීවත් වන දෙමාපියන්ගේ පින්වන්ත දරුවන් අප පිරිවෙනේම පැවිදි කිරීමට උනන්දුවක් දක්වනවා. එය අපට සතුටට කාරණාවක් අපගේ පිරිපාලන වයූහය මෙන්ම දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් සොයා බැලීම දෙමාපියන්ගේ වශේෂ ඇගයීමට ලක් වී තිබෙනවා.

අපේ නායක හාමුදුරුවන් වහන්ස කොහොමද මෙපමණ පිරිසක් පාලනය කරන්නේ ?

පාන්දර පහේ සිට රාත්‍රී දහය දක්වා ක්‍රියාත්මක වන කාල සටහනකට අනුවයි පරිපාලනය ගෙනියන්නේ. සියලු දේ සිදුවන්නේ මෙම කාල සටහනට අනුවයි. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා මුදල් පාවිච්චියක් නැහැ. දුරකථන භාවිතය සපුරා තහනම් ඉගෙන ගැනමට අවශ්‍ය දේ පමණයි ලඟ තබා ගත හැකි වන්නේ. බෙල් එකට සියලු දෙනා අවතනයි. අපට කිසිම කරදරයක් නැහැ. සියලු දේ නිසි වෙලාවට කෙරෙනවා. අපේ පිරිවෙන පවත්වන්නේ උදේ 7.30 සිට සවස 1.30 දක්වා පාසල් වේලාවෙමයි. ධර්මදේශනා පුහුණුව, පිරිත්, ධම්මපදය, පාඩම් ගැනීම, භාවනා කිරීම ත්‍රිපිටකය පැහැදිලි කිරීම ආදිය අනිත් වේලාවන්හිදි සිදුවෙනවා.

දෙමාපියන්ගෙන් වෙන්වෙලා උතුම් පැවිදි භාවය ලැබූ කුඩා සාමණේර භික්ෂූන් වහන්සේලාට දැන් ඉන්නෙ අම්ම තාත්ත වෙනුවට ඔබ වහන්සේයි. කොහොමද අපේ හාමුදුරුවන් ඒ සෙනෙහස ලබා දෙන්නෙ ?

මගේ ළඟ පැවිදි වෙලා ඉන්නවඅවුරුදු පහේ (5) ඉඳන් කුඩා දරුවො ඇතැම් අයගෙ අම්ම නැහැ. ඇතැම් අයගෙ තාත්ත නැහැ. ඇතැම අයගෙ අම්මත් තාත්තත් දෙන්නම නැහැ. නමුත් සියලු දෙනාම පුදුම වදියේ සතුටින් ඉන්නවා. මම සහ පරිවේණාධිපති හාමුදුරුවො ඇතුලු ආචාර්ය මභ්ඩලය මෙන්ම රටපුරා විසිරි සිටින අපගේ දායක පිංවතුන්ගේ නොමද ආදරය සෙනෙහස අපේ පොඩි හාමුදුරුවන්ට ලැබෙනවා. එවිට බාහිර සියල දේ අමතක වෙලා යනවා. හොඳින් ඉගෙන ගන්නවා.

පිරවෙණෙන් සිදුවෙන ජාතික ආගමික සේවාවාන් කෙටියෙන් සඳහන් කලොත්

මේ වන විට භික්ෂුන් වහන්සේලා නොමැතිව වැසී ඇති විහාරස්ථාන තේරාගෙන ඒවා සංවර්ධනය කර අපගේ ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහන්සේලා එම වහාරස්ථානවල වැඩ සිටීමට සලස්වනවා. එය වශාල ජාතික වැඩ පිළිවෙළක් මෙම විහාරස්ථාන සංවර්ධනය කිරීමට ඔබටත් දායක විය හැකියි. මේ වන විටත් භික්ෂූන් වහන්සේලා නොමැති විහාරස්ථාන කිහිපයක්ම භාරගෙන තිබෙනවා. රටේ විවිධ ප්‍රදේශවල ජාතික ආගමික වැඩසටහන් සඳහා භික්ෂූන් වහන්සේලා වැඩම කරනවා.

ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල ඉගෙන ගන්න දරුවන් සඳහා උපකාර කිරීම පිරිවෙනේ පැවිදි භාවය ලබාතිබෙන පොඩි හාමුදුරුවන් වහන්සේලා ගිහි කාලයේ අධ්‍යාපනය ලැබූ පාසල්වල දරුවන්ට වාර්ෂික අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ලබාදීම ආදිය අප පිරිවෙණෙන් සිදුවන ප්‍රධාන කාර්යයන් ලෙස සැලකිය හැකිය.

අපි කොහොමද දේශීය-විදේශීය කෙනෙක් මෙම වටිනා වැඩසටහනට දායක වෙන්නේ ?

රටේ ජනතාවට තිබෙන ආර්ථික තත්වය හමුවෙ මෙපමණ මහා සංඝරත්නව ප්‍රමාණයකට දානය පූජා කිරීම අපහසු කාරනාවක් මේ කාලයේ දානවල අඩුපාඩු පවතිනවා. ඕනෑම කෙනෙකුට දානවේලක් භාරගන්න පුලුවන්. එම දානය පිළියෙළ කර හෝ වියලි සලාක වශයෙන් හෝ මුදල් වශයෙන් භාරගන්න පුලුවන් සිවුරු හෝ සිවුරු රෙදි, බෙට්සීට්, තුවා, සබන්, දත්බෙහෙත්, බිස්කට්, සීනි, තේ කොළ, කිරිපිටි, අභ්‍යාස පොත්, පිරිවෙන් පොත්, පෑන්, පැන්සල්, වයිට් බෝඩ්, ප්‍රථමාධාර බෙහෙත් දෛනිකව අවශ්‍ය කරනවා.