අද වනවිට ලක්දිව තුළ වැඩ සිටින්නේ ඉතාමත් සීමිත භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයකි . ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම භික්ෂුන් වහන්සේලාගේ අවශ්‍යතාව දැඩිව දැනෙන යුගයක් උදා වී තිබේ .
දානය පූජා කිරීම
දානය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පූජා කිරීම
දානය සඳහා මුදල් පූජා කිරීම
සියක් නමක් වැඩ සිටීමට ඉදි කරගෙන යන භික්ෂු නේවාසිකාගාරය ඉදිකිරීමේ කටයුතු සඳහා දායකත්වය ලබාදීම.
දාන ශාලාව ඉදිකිරිම සඳහා දායකත්වය ලබාදීම.
පිරිවෙනේ පවතින දෛනික අවශ්‍යතා සොයා බලා සපුරා දීමට ද ඔබට හැකියාව ඇත. (ඒ පිළිබඳව නාහිමියන් සමඟ සාකච්ඡා කරන්න)
ඔබේම දරුවෙකු ශාසනයට දායාද කර පැවිදි කිරීමට නොහැකි වුවත් පැවිදි වී සිටින පොඩි හාමුසුරුවන් වහන්සේ නමකගේ මවක්, පියෙක් වීමේ උතුම් දුර්ලභ අවස්ථාව මේ තුළින් උදා කරගත හැකිය. .